හොඳම යාළුවො සෙට් එක එක්ක දාපු පාටියක්, එහෙමත් නැත්නම් පැය තුනක් දිග සුපිරි ෆිල්ම් එකක් බලලා ඉවර වුණාම, "හත්වලාමයි, පැය තුනක් ගියාද? විනාඩි 20ක් වගේ දැනුනෙ!" කියලා ඔයාටත් හිතෙනවද? කාලය ගියා දැනුනෙවත් නෑ නේද?
හැබැයි මෙතන පරස්පරයක්, පොඩි අවුලක් තියෙනවා. කලින් ආටිකල් එකේ මම ලිව්වේ "අලුත් අත්දැකීම්" නිසා කාලය "සෙමින්" ගෙවෙනවා වගේ දැනෙනවා කියලනෙ. එහෙනම් අලුත්ම අත්දැකීමක, නැත්නම් බොහොම විනෝදජනක දෙයක නියැලෙනකොට කාලය වේගයෙන් ඉගිලෙන්නෙ කොහොමද?
මේ ප්‍රහේලිකාව විසඳන්න නම්, අපේ මොළය කාලය දිහා බලන ක්‍රම දෙකක් තියෙන බව තේරුම් ගන්න ඕන. එකක් තමයි "ඒ මොහොතේදී" (In the moment) සහ අනික "අතීතාවර්ජනයේදී" (In retrospect).
1. ඒ මොහොතේදී: මොළේට ට්‍රැක පනිනවා!
අපි මාරම ආසාවෙන්, challenge එකක් එක්ක දෙයක් කරනකොට අපේ මොළය ඒ වැඩේ ඇතුලෙම අතරමං වෙනවා. මනෝ විද්‍යාඥයෝ මේකට කියන්නෙ "Flow State" එකක් කියලා. සිංහලෙන් කිව්වොත් ලෝකෙ අමතක වෙලා වැඩේටම ගිලෙන එක.
මේ වෙලාවෙදි අපේ attention එක 100%ක්ම යොමු වෙන්නෙ අදාළ කාර්‍යයට විතරයි. මොළයට එකපාර process කරන්න පුලුවන් දේවල් ගාණ සීමිතයිනෙ. ඉතින්, අලුත් දේ ඉගෙන ගන්න, react කරන්න, සතුට විඳින්න වගේ දේවල්වලට මුළු processing power එකම වැය වෙනකොට, පැත්තකින් ඉඳන් "වෙලාව කීයද?" කියලා මනින්න මොළයට කැපෑසිටි නෑ. ඒ වගේම, සතුට එක්ක එන ඩොපමයින් (Dopamine) rush එකත් අපිව ඒ මොහොතෙම හිර කරගන්නවා.
කම්මැලි වෙලාවට අපි විනාඩි පහෙන් පහට ෆෝන් එක බලන්නෙ ඒකයි. එතකොට කාලය හරිම හිමින් යනව වගේ දැනෙනවා. හැබැයි flow state එකේදි අපි කාලය මනින එක සම්පූර්ණයෙන්ම නවත්තනවා.
2. අතීතාවර්ජනයේදී: මතකයේ ඝනත්වය (Memory Density)
මෙන්න මේක තමයි twist එක. පැය තුනක පාටිය විනාඩි 20ක් වගේ දැනුනට, සතියකට පස්සෙ ඒ ගැන හිතනකොට, ඒක කොච්චර දේවල් වෙච්ච, දීර්ඝ සහ eventful දවසක් ද කියල හිතෙනවා නේද?
ඒකට හේතුව තමයි Memory Density එක.
අපේ මොළය ගෙවුණු කාලයක දිග මනින්නෙ ඔරලෝසුවකින් නෙවෙයි; ඒ කාලය ඇතුළෙ නිර්මාණය වුණු අලුත් මතකයන් ගාණෙන්.
- High-Density Memory: අර පාටිය ඇතුළෙ ඔයාගේ මොළය අලුත් මතකයන් කන්දරාවක් හදාගත්තා. යාළුවෙක් කියපු ජෝක් එකක්, අලුතෙන් අඳුරගත්ත කෙනෙක්, නටපු සින්දුවක්, කාපු කෑමක්... මේ වගේ මතකයන් ගොඩකින් ඒ කාලය "ඝනව" පිරිලා. ඉතින් ආපහු බලද්දි, මොළය හිතන්නෙ "ෂා, කොච්චර දේවල් වෙලාද, ඒ කියන්නෙ මේක ලොකු කාලයක්" කියලයි.
- Low-Density Memory: දැන් ඔෆිස් එකේ හිටපු නීරස පැය තුනක් හිතන්න. ඒකෙ තියෙන්නෙ එකම මතකයයි: "වැඩ කළා." අලුත් මතකයන් නැති තරම්. ඒ නිසා ආපහු බලද්දි ඒ කාලය හිස්, ඉක්මනට ගෙවිලා ගියා වගේ දැනෙනවා.
ඉතින්, සරලවම කතාව මේකයි.
අපි ආසම දෙයක් කරන මොහොතේදී, අපේ අවධානය ඒකෙම නිසා කාලය ඉගිලෙනවා. හැබැයි ආපහු හැරිලා බලද්දි, ඒ මොහොතෙ නිර්මාණය වුණු අධික මතක ඝනත්වය නිසා ඒ කාලය හරිම දීර්ඝ, අර්ථවත් එකක් විදියට දැනෙනවා.
ඒ කියන්නෙ, ජීවිතේ slow down කරගන්න නම්, අපි "වේගයෙන් ගෙවෙන" සුන්දර මොහොතවල් අනිවාර්‍යයෙන්ම ජීවිතේට එකතු කරගන්න ඕනෙ.
එතකොට තමයි, මම කලින් ලිපියෙ ලීවා වගේම අවුරුද්දක් අන්තිමේදී ආපහු හැරිලා බලලා, "මේ අවුරුද්ද කොච්චර ඉක්මනට ගියාද" කියලා දුක් වෙනවා වෙනුවට, "මේ ටික කාලෙට කොච්චර දේවල් වෙලාද" කියලා සතුටු වෙන්න පුලුවන් වෙන්නෙ!